Summary
Payment

⋆⋆ 🎀 පහසුවෙන්ම බඩ අඩු කරන නවීන තාක්ෂණය 🎀 ⋆⋆

බර අඩු කරගන්න විවිධ දේවල් සිදු කළත් උදරයේ එල්ලා වැටීමඉන ප්‍රදේශයේ අධිකව මේදය තැන්පත් වී තිබීම, කලවා සහ අත් වල එල්ලා වැටීම් ඇති වීම්නිකට ප්‍රදේශයේ ඇති මේදය ඉවත් කර දැමීම ඉතාමත් අසීරු කාරණයක්නමුත් ultrasound cavitation, radio frequency, Laser lipo වැනි අධි තාක්ෂණික ක්‍රම උපයෝගී කර කරගනිමින් ඉතා පහසුවෙන් වගේම ආරක්ෂාකාරීව මේ දේවල් සිදු කර කරගන්න දැන් හැකියාව ලැබී තිබෙනවා. 

ආහාර පාලනයෙන් හා ව්‍යායාම් තුළින් බර අඩු කලත් සිරුරේ හැඩය පවත්වා ගැනීමට නම් අනවශ්‍ය ස්ථාන වල අනවශ්‍ය පරිදි තැන්පත්ව ඇති මේදය දියකර හැරීම අනිවාර්ය කාරණයක්ව්‍යායාම් තුළින් සිරුරේ තැන්පත්ව ඇති මේදය  ඉවත් කර හැරීම සිදු කළ හැකි නමුත් අපට අවශ්‍ය පරිදි එය සිදුකර ගැනීම ඉතා අසීරු කාරණයකි. නමුත් සායනික වශයෙන් භාවිතා කළ හැකි මෙම තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් අපට එම ප්‍රතිඵල ඉතා කෙටි කලක් තුළ ඉතා ආරක්ෂාකාරීව ලබාගත හැකි වීම ඉතා භාග්‍යයකි.

මෙම තාක්ෂණය මගින් මේද පටක බිඳ හෙලීම සිදු කරන අතර එම මේද කොටස් අපේ වසා වාහිනී පද්ධතිය ඔස්සේ දේහයෙන් ඉවත් කර හැරීමට කටයුතු කිරීම මෙහිදී සිදුවේ. ඒ වගේම Skin එක Tight කර ගැනීම් සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදු කෙරෙන බැවින් ඉතාමත් නිරෝගී හැඩති සිරුරක් ලබා ගැනීමට මේ මගින් හැකි වනු ඇත.

Liposuction ලෙස හැඳින්වෙන ශරීරයේ මේද ඉවත් කිරීම සඳහා භාවිතාකල ශල්‍යකර්මීය ක්‍රමවේදය වෙනුවට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකි වීම තුළින් ශරීරයට කිසිදු කැපුමක් යෙදීමකින් තොරවබාහිරින් භාවිතා කරන Laser තාක්ෂණය ඔස්සේ මෙම ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම තුළින් අතුරු ආබාධ බොහොමයක් ඉවත් කර ගැනීමට මෙම තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

ශරීරයේ කිසිදු ලප කැලැල්ලක් ඇති වීමකින් තොරව පැය කිහිපයකින් ඔබේ අපේක්ෂිත ප්‍රතිඵලය අත්කරගන්න පුළුවන් අද්විතීය ක්‍රමවේදයක් වන Ultrasound cavitation තාක්ෂණයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දැන් ඔබටත් හැකියාව ලැබී තිබෙනවා. 
ඔබේ දිනය සහ වේලාව වෙන්කරවාගන්න 071 8 620 620 අංකය අමතන්න.
තවත් බොහෝ දේ දැන් දැනගන්න YouTube වීඩියෝව නරඹන්න- https://youtu.be/JUJJWszwnWs

මෙම  ප්‍රතිකාරය පමණක් සිදු කිරීම මගින් අවශ්‍ය ප්‍රතිඵලය ළඟා කර ගත නොහැකි වන බැවින් ඔබ මුලින්ම පෝෂණවේදී Hiroshan Jayaranga මහතාව හමු වී දේහ බර පාලනය කර ගැනීමේ ගැනීමට අදාල Diet Plan එකකට යොමු විය යුතුය.( ඒ සඳහා  පැමිණ හමු වීම අත්‍යවශ්‍ය නොවන අතර  අන්තර්ජාලය ඔස්සේ individual consultation එකක් හරහා හෝ weight loss Camp එකකට සම්බන්ධ වී තිබීම  හෝ Odoc හරහා සම්බන්ධ වී ප්‍රතිකාර ලබා ගැනීම් ප්‍රමාණවත් වේ )එහිදී ඔබගේ දේහ බර පාලනය කර  ගැනීමට අවශ්‍ය වන ආකාරයට දේහයෙහි  ක්‍රියාකාරීත්වය  සැකසීම සිදුකරන අතර හිස්කෙස් ගැලවී යාම අස්ථි දුර්වල  වීම්  හම රැලි වැටීම ඇතුළු  දේහ බර අඩු කර ගැනීමට උත්සාහ දැරීමේදී ඇතිවන අනෙකුත් අතුරු ආබාධ හා  සංකූලතා  ඇති වීම වලක්වනු ඇත.

 ඔබගේ දේහය නිසි පරිදි සකස් වීමෙන් අනතුරුව ඔබ මෙම ප්‍රතිකාරය සඳහා යොමු කෙරෙනු ඇත. මෙම ප්‍රතිකාරය සිදු කිරීම සඳහා පැය 3කට ආසන්න කාලයක් වැයවන  අතර  ඒ සඳහා කලින් වේලාවක් වෙන්කර කර ගතයුතු වේ . 

  එම ප්‍රතිකාරය කී වතාවක් සිදු කිරීමට අවශ්‍ය වෙනවාද?   කොපමණ මුදලක් වැය වෙනවාද?

ප්‍රතිකාර සිදු කළ යුතු වාර ගණන ඔබේ දේහයෙ ස්වභාවය අනුව වෙනස් වන අතර  වාර ගණන තීරණය කිරීම ඔබගේ  උපදේශකයා සතු වේ. මූලික පැකේජය සඳහා මසක් තුළ හතර  වතාවක් ප්‍රතිකාරය සිදු කර ගැනීමට හැකියාව ඇති අතර  බොහෝවිට හතර වතාවක්ම සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැත. මූලික පැකේජය සඳහා  රු.25000/=  ක  මුදලක් පමණක් අය කරන අතර මෙම ගාස්තුව හඳුන්වාදීමේ ගාස්තුවක් නිසා නුදුරේදී ගාස්තු සංශෝධනය විය හැක.

  ප්‍රතිකාර සිදු කෙරෙන  මධ්‍යස්ථාන මොනවාද?

පෝෂණවේදී Hiroshan Jayaranga මහතා  පැමිණෙන සියලුම රෝහල් වලින් ඔබට මෙම  ප්‍රතිකාරය සිදු කර ගැනීමට හැකිවනු ඇත

WinSetha Hospital - Colombo 10

CeyMed Hospital -  Nugegoda

Winlanka Hospital - Nugegoda

MediHelp Hospital -  Nugegoda

Durdance Hospital - Anuradhapura

Kanola Hospital - Anuradhapura

Cooprate Hospital - Anuradhapura

 

 

eg: +94777123456
Select your payment methord

Summary

  • Start Date 2023-04-30
  • End Date 2023-12-31
  • Total $0